ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (06දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගයේ මේ වන විට ප්‍රවේශපත්‍ර අලෙවියේ ආදායම රු. මිලියන 12ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරත ප්‍රවේශපත්‍ර භාරකරු අරුණ ද සිල්වා මහතා ‘අද’ ට පැවසීය.
කෙසේ වෙතත් පළමු විස්සයි 20 තරගයේදී ප්‍රේක්ෂක සහභාගීත්වයෙහි අඩුවක් තිබුණද දෙවැනි තරගයේදී ප්‍රවේශපත්‍ර විකිණීමෙන් ලද ආදායම අනුව ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි.