අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 419ක් රැස්කළේය. සෙයික් සායෙඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයේදී එනම් සිකුරාදා (සැප්තැම්බර් 29) නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 155 ක් නොදැවී රැස්කිරීමට සමත්විය.
දිනය නිමා වන විට පසුගිය අවුරුදු 5 තුළදී පාකිස්තානයේ 16 වැනි ආරම්භක පිතිකරු යුගලය වන ශාන් මසූඩ් හා සාමි අස්ලාම් නොබිඳුණු ලකුණු 64 ක් රැස්කළ අතර තවත් ලකුණු 355ක් පසුපසින් පාකිස්තානය සිටියි. කෙසේ වෙතත් පාකිස්තානයට ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාවයට ළගා වීමට බාධාවන් නාවේ.
චන්දිමාල් පැය නමයයි, විනාඩි 6ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 61ට කඩුලු තුනක් ලෙස දිස්වූ ශ්‍රී ලංකා ඉනිම සබඳතා තුනක් සමගින් ඉදිරියට ගෙන ගියේය. දිමුත් කුරුණාරත්න සමග සිවුවැනි කඩුල්ලටලකුණු 100ක සබඳතාවක්, නිරෝෂන් දික්වැල්ල සමග පස්වැනි කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් හා ඩිල්රුවන් පෙරේරා සමග හයවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පැවැත්වීමට චන්දිමාල් සමත්විය.
ඉන්දියාවට එරෙහිව ඉනිම හතරකදී චන්දිමාල් රැස්කළේ ලකුණු 96ක් පමණි. පාකිස්තාන කණ්ඩායමේ සාර්ථක පන්දු හමුවේ පවා සිය ඉනිම මැනවින් කළමනාකරණය කර ගත් චන්දිමාල් සිය 9 වැනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත්විය. එසේම නායකයෙකු ලෙස ක්‍රීඩා කළ තරග හතරේදී ඔහු ශතකයක් වර්තා කළ පළමු අවස්ථාවද මෙය වෙයි. ඔහු සිය ඉනිමේදී වාර්තා කළේ හතරේ පහර 14ක් පමණක් වන අතර එයින් පැහැදිලි වන්නේ ඔහු වගකීම් කරට ගෙන ක්‍රීඩා කර ඇති ආකාරයයි.
තම ටෙස්ට් දිවියේ ඉහළම ඉනිම දික්වැල්ල ක්‍රීඩා කළේ ලකුණු 83ක් රැස්කරමිනි. දෙවැනි දිනයේ දෙවැනි පන්දුවාරයේදී දික්වැල්ල දැවී යාමකින් බේරුණු අතර ඔහු සිය අර්ධ ශතකය පන්දු 67කින් සම්පූර්ණ කළේය.
ඉන් අනතුරු යසීර් සා වෙනුවෙන් රිවර්ස්වීප් පහරක්, පොයින්ට කළාපයෙන් හතරේ පහරක් වාර්තා කරමින් ඔහු ලකුණු 83ට ඉක්මනින්ම ළගා විය. නිමාවූ සිම්බාබ්වේ තරගාවලියේදී දික්වැල්ල ලකුණු 81ක් රැස්කර තිබුණ අතර එය ටෙස්ට් දිවියේ ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
පාකිස්තානය කඩුලු සෙවීම සාර්ථක නොවීය. යසීර් ෂා ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ගැන ගැටලුවක් තබුණ අතර මොහොමඩ් අමීර්ටද සාර්ථක වීමට අවස්තාවක් නොලැබුණි
වේග පන්දු යවන්නන් කඩුලු සොයමින් සිටින විට අපරික්ෂා කාරී ලෙස ස්ටෝක් පහරක් එල්ල කිරීමට යාමෙන් පිටියෙන් ඉවතවූ අතර එය දෙවැනි දිනයේ ක්‍රියාත්මක වූ 22 වැනි පන්දුවාරයේදී සිදුවිය. දික්වැල්ල හතරේ පහර 9ක් හා හයේ පහරක් එල්ල කළේය.
දෙවැනි දිනයේදී පාකිස්තානයට වාසනාව නොතිබුණි. ඩිල්රුවන් අවසථා දෙකකදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රිඩකයෙකු ලෙස නම්වුවත් එම අවස්ථා දෙකේදීම ඔහු නිවැරදි වූයේ විනිසුරු තීරණ නැවත විමසමිනි. එහිදී දික්වැල් නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස නම්විය.
එයින් පමණක් අවසන් නොවේ මොහොමඩ් අබ්බාස් යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලෙ වැදීමෙන් එක් අවස්ථාවක දික්වැල්ල දැවී ගියත් පසුව එම පන්දුව නිපන්දුවක් බවට තරග විනිසුරු තීරණය කළේය. එසේම පන්දුවට පහරදෙමින් යමක් කිරීමට අබ්බාස්ට අවසථාව තබෙයි. අබ්බාස් පන්දුවාර 57කදී කඩුලු තුනක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරමිනි. යසීර් පන්දුවාර 57කදී ලකුණු 120ට කඩුලු තුනක් දවා ගත්තේය.
දෙවැනි දිනයේ දිවා ආහාරයට ශ්‍රී ලංකාව 322-5
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 123කදී කඩුලු 5ට ලකුණු 322ක් රැස්කළේය.
නායක දිනේෂ් චන්දිමාල් 109* හා ඩිල්රුවන් පෙරේරා 4* නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී තරගය අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 227ක් රැස්කරගෙන සිටියේය. දිනේෂ් චන්දිමාල් 60* හා නිරෝෂන් දික්වැල්ල 42* දෙවැනි දිනය ආරම්භ කළහ.
දික්වැල්ල අද දිනයේදි දිවා ආහාරය දක්වා දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත්විය. ඔහු ලකුණු 83කට දැවී ගියේය. චන්දිමාල් හා දික්වැල්ල පස්වැනි කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පැවැත්වූහ.