සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 253ට පිළිතුරු ඉනිම ක්රීඩා කරන කෙදෙව් කණ්ඩායම දෙවැනි දිනය නිමාවන විට කඩුලු 2ට ලකුණු 118ක් රැස්කරගෙන සිටියි.
ඩ්වේන් ස්මිත් නොදැවී ලකුණු 53ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ තෙවැනි දිනයයි. තරගාවලිය 1-0 ක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසුවෙන්නේ කොදෙව් කණ්ඩායමයි.