ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට එක්වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි පුහුණු තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළේය.
කෙන්ට් ක්රීඩාංගණයේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී ලකුණු 166ක් රැස්කළේය.
ලකුණු 167ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම තරගයේ 22.5 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
උපුල් තරංග (53), කුසල් මෙන්ඩිස් (74) නොදැවී අර්ධ ශතක රැස්කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් හා ණුවන් කුලසේකර හා සීක්කුගේ ප්රසන්න කඩුලු 2 බැගින් දවාගත්හ.