ඉන්දීය කණ්ඩායම හා ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය රෝගී තත්ත්වයක් හේතුවෙන් අහිමි වූ ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට බොහෝ දුරට ක්රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තාවෙයි.
අගෝස්තු 03 දා කොළඹ එස්.එස්.සී. පිටියේදි දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට නියමිතය. මේ අතර රෝගී තත්ත්වයෙන් යළි සුවය ලබමින් සිටින චන්දිමාල් පුහුණුවීම් වාර කිහිපයක් සඳහාද එක්ව තිබේ.
මේ අතර ගාල්ලේදී ආබාධයකට ලක්වූ රංගන හේරත්ගේ තත්ත්වයද එතරම් බරපතල නොවන බව වාර්තා වෙයි.