දිල්ලියේ අධික වායු දූෂණය යටතේ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඉදරියට පවත්වාගෙන යෑම දරුණු ගැටලුවක් බව ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.
ඉදිරියේදී ක්‍රිකට් තරග පැවැත්වීමේදී දූෂණය ගැනද අවධානය යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. එසේම වායු දූෂණය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැක්වීමට බලපෑමක් ඇති කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
“ වර්ෂාව හා අයහපත් ආලෝකය ක්‍රීඩා කිරීමේදී අවධානයට ගන්නවා නම් අපි හිතනවා පරිසර දූෂණය වැනි තත්ත්වයන්ද සළකා බැලිය යුතු බවට
ඉහළ වායු දූෂණයක් යටතේ දිල්ලි තරගය පැවැත්වීම විශාල ගැටලුවක්. වායු දූෂණය ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවම කරනවා.
මිලිතත්ත්පර හා මිලිමීටර් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මනින සාධක. ”
යැයි ඔවුන් පෙන්වා දෙයි. දිල්ලි වායු දූෂණය යටතේ ක්‍රීඩා කිරිම අවධානම් බව වෛද්‍ය සංගමය මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.