ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නවදිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැති තරගයට බලපෑම් එල්ල කළ වායු දූෂණ සිදුවීම පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
අයි.සී.සී. ය පවසන්නේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන අයි.සී.සී. සැසියකදී සාකච්ඡාවට ගන්නා බවයි. එසේම දිල්ලි තරගය පිළිබඳව අයි.සී.සී. අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳව වෛද්‍ය කමිටුව සලකා බලන බවත් ඔවුන් සඳහන් කරයි.
ඉදිරියේදී එවැනි තත්ත්වයන් යටතේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමුකරන බව අයි.සී.සී. ය කියයි.