ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා අනුව අද (27දා) පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය ජයගත හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තාවකාලික නායක චාමර කපුගෙරද පවසයි.
උපුල් තරංගට තරග තහනමක් පනවා ඇති හෙයින් ශ්‍රී ලංකාවේ තාවකාලික නායකයා ලෙස චාමර කපුගෙදර මෙම තරගයට එක්වෙයි.
නායකයෙකු ලෙස පළමු අවස්ථාවට තෙවැනි එක්දින තරගයට පෙරාතුව ඊයේ (27දා) මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“මගේ රටට නායකත්වය දීමට ලැබීම මට විශාල ගෞරවයක්. මට මේ අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒක මට අභියෝගයක්. මම කණ්ඩායමක් ලෙස ඒ අභියෝගයට සූදානම්. කණ්ඩායමක් ලෙස අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා. අපි සාකච්ඡා කළ දේවල් ක්රියාවේ යෙදවීමට අවශ්‍යයි” යැයි එක්දින තරග 100ක් ක්‍රීඩා කර ඇති නායක චාමර කපුගෙදර පවසයි.
“ මම හිතනවා කණ්ඩායම තුළ අපට හොඳ වටපිටාවක් තිබෙනවා. දෙවැනි එක්දින තරගයට අපි ක්‍රීඩා කළ ආකාරයෙන් අපට විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. හැමදෙනාම එකතුවෙලා ඉන්නේ. මම හිතනවා අපට තරගය දිනන්න පුළුවන් කියලා.
අපි තවමත් විකල්ප ගැන බලනවා. කවුරු තරගය ආරම්භ කරයිද? කවුරු මැදපෙළ ක්‍රීඩා කරයිද කියලා දැන්ම කියන්න අමාරුයි.
අපි ලෝක කුසලානයට සුදුසුකම් ලබයිද, නැත්ද යන්න ගැන ප්‍රධාන වශයෙන් අපි සලකා බලන කරුණක්. නමුත් අපි දැන් අද තරගය ගැනයි අවධානය යොමුකර තිබෙන්නේ.
දෙවැනි තරගයෙන් පසුව අපි විශ්වාස කරනවා අපට දිනන්න පුළුවන් කියලා. අපි හොඳින් ක්‍රීඩා කළා. එය අකිලගේ සුවිශේෂී දක්ෂතාවක්. අපි කඩුල්ලක් පැන්නොත් අනිවාර්යයෙන්ම පාරට එනවා” යැයි කපුගෙදර පවසා සිටියේය.