එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 200ක සබඳතාවක් පැවැත්වූ 34 වැනි පිතිකරු යුගලය ලෙසට ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්විය.
ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොබිඳුණු ලකුණු 216ක (පන්දුවාර 35.3) සබඳතාවක් පවත්වමිනි. ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල මීට පෙර අවස්ථා 9කදී ද්විත්ව ශතක සබඳතා පවත්වා තිබුණි.
ඒ අනුව මෙය ශ්‍රි ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ද්විත්ව ශතක සබඳතාවක් පැවැත්වූ 10 වැනි අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වෙයි.
පළමු විකට්ටුවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ද්විත්ව ශතක සබඳතා
උපුල් තරංග - සනත් ජයසූරිය 286 - එංගලන්තයට එරෙහිව (2006)
උපුල් තරංග - තිලකරත්න ඩිල්ෂාන් 282 - සිම්බාව්වේට එරෙහිව (2011)
මාවන් අතපත්තු - සනත් ජයසූරිය 237 - ඔස්ට්‍රේලියාවට එරෙහිව (2003)
උපුල් තරංග - තිලකරත්න ඩිල්ෂාන් 231* - එංගලන්තයට එරෙහිව (2011)
නිරොෂන් දික්වැල්ල - ධනුෂ්ක ගුණතිලක 229 - සිම්බාබ්වේට එරෙහිව (2017)
උපුල් තරංග - මහේල ජයවර්ධන 215 - බංග්ලාදේශයට එරෙහිව (2010)
උපුල් තරංග - මහේල ජයවර්ධන 213 - ඉන්දියාවට එරෙහිව (2013)
උපුල් තරංග - මහේල ජයවර්ධන 202 - පාකිස්තානයට එරෙහිව (2006)
උපුල් තරංග - සනත් ජයසූරිය 201 - නවසීලන්තය එරෙහිව (2006)
කුමාර් සංගක්කාර - සනත් ජයසූරිය 201 - බංග්ලාදේශයට එරෙහිව (2008)