ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේදී වේගවත්ම ලකුණු 1000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා බවට පත්විමට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අවස්ථාවක් තිබේ. ඒ අද තරගයේදි ඔහු ලකුණු 90ක් වාර්තා කිරීමට සමත්වුවහොත්ය.
දික්වැල්ල එක්දින ඉනිම 25 කදී ලකුණු 910ක් රැස්කරගෙන ඇති අතර එයට ශතක 2ක් හා අර්ධ ශතක පහක් ඇතුළත්ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ රෝයි ඩයස්ය.
ඔහු එක්දින ඉනිම 27කදී එම දක්ෂතාව දක්වා ඇත. තවත් තරග දෙකකදී නිරෝෂන් මෙම දක්ෂතාව දැක්වුවහොත් ඔහු රෝයි ඩයස් හා සම වාර්තාවට හිමිකම් කියනු ඇත.
එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 1000 සීමාවට ළගා වූ ක්‍රීඩකයන්වන්නේ වීව් රිචර්ඩ්ස්, කෙවින් පීටර්සන්, ජොනතන් ට්‍රොට් හා ක්යින්ටන්ද කොක්ය. ඔවුන් ඉනිම 21කදී එම දක්ෂතාව දක්වා ඇත.