ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිය කැබිනට්ටු සාමාජික අමාත්‍ය අර්ජුන රණතුංගට හැකිනම් තම අමාත්‍යාංශයේ කටයුතුවලට ඇඟිලි නොගසා විනීත කමක් ඇතිව සිය කැබිනට් සාමාජිකත්වය අතහැර යන ලෙස කියා සිටිනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(18) අමාත්‍යාංශයේ පැවැත්වුනු මාධ්‍ය හමුව අතරතුර මාධ්‍යෙව්දියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.
එසේම ඔහ අර්ජුන අමාත්‍යවරයා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තුළ කටයුතු සිදු වන අයුරු සම්බන්ධයෙන් පැහැදීමක් නැතිනම් එම තනතුරට පැමිණ එය වෙනස් කර පෙන්වන ලෙසයි.
එසේම ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයෙකු ලෙසින් ගත් කළ අර්ජුන රණතුංග අතිශය අසාර්ථක බවත් ඔහු මුළින් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විනාශ කළ බවත් දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විනාශ කරමින් සිටින බවත්ය.
ඩේලිමිරර් ඇසුරෙනි.