කොළඹ රාජකීය විදුහල හා ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වන 138 වැනි නිල් මහ සටනේ දෙවැනි දිනය අයහපත් කාලගුණය හේතුවෙන් නිමා කරන විට ශාන්ත තෝමස් කණ්ඩායම කඩලු හතරට ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.
රාජකීය කණ්ඩායමට පළමු ඉනිමට රැස්කළ හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් පමණි. තෝමස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රවිඳු කොඩිතුවක්කු ලකුණු 98ක් රැස්කළේය.සිතාර හපුහින්න නොදැවී ලකුණු 54ක් රැස්කරගෙන සිටියි.