නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර හෙට (16දා) පැවැත්වෙන තරගයට බංග්ලාදේශ සීමිත පන්දුවාර නිත්‍ය නායක ශකිබ් අල් හසන් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ශකිබ් ආබාධයක් හේතුවෙන් තරගාවලියේ මුල් තරග තුනට ක්‍රීඩා නොකළේය. හෙට තරගය ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමගින් පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.