ශ්රී ලංකා ක්රිකට් නිලවරණයේදී ක්රිකට් සභාපති තනතුරට තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙයි.
ක්රිකට් සභාපති තනතුරට තරග වදින නිශාන්ත රණතුංග හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගේ පාර්ශ්ව විරෝධතා ගොනු කර ඇත.
නිශාන්ත පාර්ශ්වය පිටු 1500ක විරෝධතාවක් ගොනු කර ඇත. ක්රිකට් නිලවරණයට ඉදිරිපත්වූ නාම යොජනා පිළිබඳ විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව අද ()(22දා) පස්වරු 3.00ට අවසන් විය.
මේ අතර විරෝධතා ගොනු කිරීමට ලබාදුන් කාලය ප්රමාණවත් නොවන බව සඳහන කරමින් ජයන්ත ධර්මදාස පාර්ශ්වයද විරෝධතාවක් ගොනු කර ඇත.