ඔස්ටේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී සිදුවූ බව කියන තරග පාවාදීම් පිළිබඳව කරන පරීක්ෂණ සඳහා සිය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එම තරගයේදී ගාලු තණතීරුව බාරව කටයුතු කළ තරංග ඉන්දික ඇතුළුව පුද්ගලයන් කිහිප දෙනෙක්ම මෙම තරග පාවාදීම් පිළිබඳව චෝදනා එල්ල වී තිබේ.
අල් ජසීරා පුවත්සේවය මේ පිළිඳව සවිස්තරාත්මක මාධ්‍ය වාර්තාවක් පළ කළ අතර එයට සම්බන්ධ බව කියන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට මේ වන විටත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අනතුරු ඇගවීම් සිදුකර තිබේ.
මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හා එහි දූෂණ විරෝධී ඒකකය සමග සාකච්ඡා කර ඇති බවයි.
තරග පාවාදීම් සඳහා සම්බන්ධ බවට කිසිවෙකුත් වරදකරු වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.