UPDATE
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 5 කක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. පන්දුවාර 46.3 කදී ඔවුන්ගේ ජය සම්පූර්ණ වූ අතර ඉන්දීය ජයග්‍රහණයට පෙර අවසන් කඩුල්ල ලෙස කේදාර් ජදාව් ලකුනු 63 කට දැවී ගියේය.විරාත් කෝලි නොදැවී ලකුනු 110 ක් හා මහේන්ද්‍ර සිං දෝනි එක් ලකුණක් ලබා සිටියි.
මෙය ශ්‍රි ලංකාව . ශ්‍රී ලංකාවේදී තරග 5 කින් යුත් තරගාවලියකදී තරග 5-0 ක් ලෙස පරාජය වූ පළමු අවස්ථාව වේ.
දැවී ගිය පිතිකරුවන්
අජින්ක්‍යා රහනේ - 05
රෝහිත් ෂර්මා - 16
මනීෂ් පාණ්ඩේ -36
කේදාර් ජදාව් - 63
කෝලි හා ජදාව්ගෙන් ඉන්දීය ජයග්‍රහණයට ඉනිමගක්
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ ජයග්‍රහණයට ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දියාව පන්දුවාර 40 කදී කඩුළු 3 කට ලකුනු 209 ක් ලබා ප්‍රභල තත්වයේ රැඳී සිටියි.
නායක විරාත් කෝලි සිය එක්දින දිවියේ 30 වැනි ශතකය අභියස රැඳී සිටිමින් ලකුනු 95 ක් වාර්තා කරගෙන සිටින අතර කේදාර් ජදාව් ලකුණු 50 ක් වාර්තා කරගෙන සිටියි.
දැවී ගිය පිතිකරුවන්
අජින්ක්‍යා රහනේ - 05
රෝහිත් ෂර්මා - 16
මනීෂ් පාණ්ඩේ -36
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ ජයග්‍රහණයට ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දියාව පන්දුවාර 30 කදී කඩුළු 3 කට ලකුනු 147 ක් ලබා ප්‍රභල තත්වයේ රැඳී සිටියි.
නායක විරාත් කෝලි සිය එක්දින දිවියේ 45 වැනි අර්ධ ශතකය රැස් කරමින් ලකුනු 70 ක් ලබා සිටින අතර කේදාර් ජදාව් ලකුණු 14 ක් ලබා සිටියි.
ලකුණු 36 ක් ලබා සිටි මනීෂ් පාණ්ඩේ මුළු ලකුනු 128 දී දවා ගැනීමට මලින්ද පුෂ්පකුමාර සමත් වූ අතර ඔහු විරාත් කෝලි සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකණු 99 ක සබඳතාවක් පැවැත්වූයේ පන්දු 107 ක් තුළදීය.
කෝලි හා පාණ්ඩේ ඉන්දියාව ස්ථාවර ලකුනු සංඛ්‍යාවකට රැගන යයි
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ ජයග්‍රහණයට ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දියාව පන්දුවාර 22 කදී කඩුළු 2 කට ලකුණු 108 ක් ලබා සිටියි. විරාත් කෝලි ලකුනු 49 ක් හා මනීෂ් පාණ්ඩේ ලකුණු 32 ක් රැස් කරගෙන සිටින අතර ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 79 ක නොබිඳුනු සබඳ.තාවක් පවත්වාගෙන සිටියි.
දැවී ගිය පිතිකරුවන්
අජින්ක්‍යා රහනේ - 05
රෝහිත් ෂර්මා - 16
මනීෂ් පාණ්ඩේ -36
මාලිංග හා විශ්ව ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් පාළනය කරති
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දිය කණ්ඩායම පන්දුවාර 10 ක් අවසනදී කඩුළු 2 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරොත් කෝලි ලකුණු 19 ක් හා මනීෂ් පාණ්ඩේ ලකුණු 07 ක් රැස් කරගෙන සිටියි.
ඉන්දීය ඉනිම ආරම්භ කරමින් රෝහිත් ෂර්මා හා අජින්ක්‍යා රහනේ පිටියට පිවිසුණු අතර මුළු ලකුණු සංඛ්‍යාව 17 දී අජින්ක්‍යා රහනේ ලකුණු 5 කට දැවි ගියේ ලසිත් මාලිංග ගේ පන්දුවක් හමුවේදීය. රෝහිත් ෂර්මා ඉන්දිය ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ මාලිංද පුෂ්පකුමාර අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
දැවී ගිය පිතිකරුවන්
අජින්ක්‍යා රහනේ - 05
රෝහිත් ෂර්මා - 16
බුවනේෂ්වර් ශ්‍රී ලංකාව ලකුණු 238 කට සීමා කරයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 49.4 කදී දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ලසිත් මාලිංග ලකුණු 2කට දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය.
මෙහිදී බුවනේෂ්වර් කුමාර ලකුණු 42 කට කඩුළු 5 ක් වාර්තා කළ අතර එය ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම හා කඩුළු 5 ක් බැගින් දවා ගත් පළමු අවස්ථාව විය.
නොදැවී පන්දුවට පහර දුන් විශ්ව ප්‍රනාන්දු ලකුනු 7 ක් රැස් කර ගත්තේය
දැවී ගිය ක්‍රීඩකයන්
දික්වැල්ල - 2 (6)
තරංග - 48 (34)
මුණවීර - 4 (5)
තිරිමාන්න - 67 (102)
මැතිව්ස් - 55 (98)
මිලින්ද සිරිවර්ධන - 18 (13)
වනිඳු හසරංග - 9 (9)
අකිල ධනංජය 4 (9)
මලින්ද පුෂ්පකුමාර - 8 (8)
ලසිත් මාලිංග - 2 (4)
තිරිමාන්න හා මැතිව්ස් ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාවට ගෙන එයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාවට පැමිණීමට සමත් වූහ. පන්දුවාර 41.4 කදී එය වාර්තා විය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින වනිඳු හසරංග ලකුණු 6 ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 5 ලබා සිටියි.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 67 කට දැවී ගියේ බුවනේෂ්වර් කුමාර් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. තිරිමාන්න සිය එක්දින දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 55 කට දැවී ගියේ කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේදීය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 122 ක සබදතාවක් පැවැත්වූහ.
දැවී ගිය ක්‍රීඩකයන්
දික්වැල්ල - 2 (6)
තරංග - 48 (34)
මුණවීර - 4 (5)
තිරිමාන්න - 67 (102)
මැතිව්ස් - 55 (98)
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 110ක් රැස්කරගෙන සිටියි. තිරිමාන්න 27* (46) හා මැතිව්ස් 22* (29) නොදැවී පන්දුවට පහරදෙමින් පිටියේ රැඳී සිටිති. ඔවුහු තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 51ක සබඳතාවක් පවත්වමින් සිටිති.
දැවී ගිය ක්‍රීඩකයන්
දික්වැල්ල - 2 (6)
තරංග - 48 (34)
මුණවීර - 4 (5)
14.40 PM කාසියේ වාසිය ලංකාවට - මුලින්ම පිතිකරණය තෝරාගනියි
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරුණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විවේක ගන්වා ඇත. පිතිකරණ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ඊයේ පැවැසුවේ කුසල්ට විවේකයක් අවශ්‍ය බවයි.
14.22 PM තරගය සවස 3ට ඇරඹේ
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංක කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය අද (03දා) ආර්. ප්‍රෙමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය මදකට පමා වී ඇත. ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 2.30ටත් තරගය පස්වරු 3.00ටත් ආරම්භවීමට මේ වන විට සැලසුම් කර තිබේ.
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ