UPDATE තෙවැනි තරගයෙන්ද ශ්රී ලංකාව කඩුලු 6කින් පරාජයට පත්කරමින් තරග පහකින් සමන්විත එක්දින තරගාවලියද තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ජයග්රහණය කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 217ක ඉලක්කය පන්දුවාර 45.1කදී කඩුලු හතරක් පමණක් දැවී පසුකර යාමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඉන්දිය කණ්ඩායමේ මුල් කඩුලු හතර ලකුණු 61ක් තුළ දැවී ගියද දෝනි හා රෝහිත් ශර්මා පස්වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 157ක සබඳතාවක් පවත්මින් ඉන්දියාව තරගය ජයගහණය කළේය. රෝහිත් ශර්මා සිය 12 වැනි එක්දින ශතකදය මෙහිදී වාර්තා කළේ නොදැවී ලකුණු 124ක් රැස්කරමිනි.
ශ්රී ලංකාව ලකුණු 217කට සීමා වෙයි
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 217කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා ඉන්දියාවට ලකුණු 218ක පහසු ඉලක්කයක් හිමිවිය. ජස්ප්රිට් බුම්රා මෙහිදී සිය මංගල කඩුලු පහ ලබාගත් අතර 2016 වසරෙන් පසුව ශ්රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් තිරිමාන්න ලකුණු 80ක් රැස්කළේය.
මාස 20කට පසුව තිරිමාන්න පැමිණි තරගයේදී අර්ධ ශතකයක්
2016 වසරේ ජනවාරි මස 05 දා නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් පසුව නැවතත් ශ්රී ලංකා කණ්ඩායමේ ස්ථානය ලබාගත් ළහිරු තිරිමාන්න ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී සිය 5 වැනි අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්විය.ඔහු ආරම්භක පතිකරු දිනේෂ් චන්දිමාල් හා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් පැවැත්වීය. පන්දුවාර 34ක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 135ක් රැස්කරගෙන ඇත්තේ කඩුලු තුනක් වැය කරමිනි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින තිරිමාන්න 65*, මැතිව්ස් 10*
දැවී ගිය ක්රීඩකයන් - දික්වැල්ල 13, චන්දිමාල් 36, කුසල් 1
15.20 PM පන්දුවාර 11ට ශ්රී ලංකාව 41-2
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවා 11ක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 41ක් රැස්කරගෙන සිටියි. ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් 20* ළහිරු තිරිමාන්න 1* නොදැවී පිටියේ රැඳී සිටිති.
දැවී ගිය ක්රීඩකයන් - දික්වැල්ල 13 මෙන්ඩිස් 1
14.08 PM තරගයේ වාසනාව කපුගෙදරට - කාසියේ වාසිය දිනයි
නායකයා ලෙසින් සිය පළමු තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා තාවකාලික නායක චාමර කපුගෙදර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මීට පෙර පැවැති ටෙස්ට් තරග තුනේදීත්, එක්දින තරග දෙකේදීත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගත්තේය.
තරංග හා ගුණතිලක වෙනුවට දිනෙෂ් චන්දිමාල් ළහිරු තිරිමාන්න කණ්ඩායමට එක්වී තිබේ. මාලිංග අද තරගයටත් ක්රීඩා කරයි. ඉන්දීය නායක විරාත් කෝලි සඳහන් කළේ තමන් කාසියේ වාසිය දිනුවානම් මුලින්ම පන්දු යවන බවයි.