තණතීරු සකස් කරන පුද්ගලයා යම් කණ්ඩායමකට අවශ්‍ය ආකාරයට තණතීරුව සකස් කර තිබේ නම් ක්‍රීඩකයන්ට දඬුවම් ලබා නොදී අදාළ නිලධාරීන්ට දඬුවම් ලබාදිය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
අද (28දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන කාලයේදී තණතීරු ප්‍රශ්නයක් ගැන ලසිත් මාලිංග ක්‍රීඩකයා පාර දිගේ කිය කියා ගිය බවත්, එහෙත් ලිඛිතව ඒ පිළිබඳව කිසිවක් ලබාදී නොමැති බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
ඔහු පත්තරවලට හා තැන් තැන්වලට කණ්ඩායමට අවශ්‍ය තණතීරුව නොලැබෙන බවට කිය කියා ගිය බවත්, එහෙත් සිදුකිරීමට තිබුණේ තණතීරු ප්රශ්නය තිබූ තරගය නම් කර ලිඛිතව ලබාදීම බවත් ඒ මහතා පවසා සිටියේය.
ලසිත් මාලිංග එක එක ඒවා කියන නිසා ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකිරීමට නොහැකි වූ බවත්, ලිඛිතව ලබාදුන්නා නම් පියවරක් ගැනීමට හැකියාව තිබූ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.