ආර්ජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ හමුවේ මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිය ගමන අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්ත සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට සිදු විය.
ඒ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයකදී ෆෙඩරර් පරදා පොට්රෝ තරග වට 3-1 ක ජයක් ලැබීම හේතුවෙනි.
තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වූනේ 7-5,3-6,7-6(10-08) ක් හා 6-4 ක් ලෙසිනි.
මෙම වර්ෂයේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් ඔස්ට්‍රේලියානු විවෘත හා විම්බල්ඩන් ටෙනිස් තරගාවලි ද්විත්වයෙහිම ශූරතාව දිනා ගත් ෆෙඩරර් 2009 වර්ෂයේ ඇමරිකානු විවෘත තරගාවලියෙන් පසු ඩෙල් පොට්රෝ හමුවේ ලැබූ පළමු අන්තර්ජාතික ටෙනිස් පරාජය ලෙසින් මෙය ඉතිහාසගත විය.
මේ අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති අනෙකුත් තරග වලින් ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල්, දකුණු අප්‍රිකාවේ කෙවීන් ඇන්ඩර්සන් හා ස්පාඤ්ඤයේ පැබ්ලෝ බුස්ටා සමත් වූහ.