දකුණු අප්රිකානු එක්දින නායක ඒ.බී. ඩිවිලියර්ස් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.
සමුගැන්මට හේතුව ලෙසින් ඩිවිලියර්ස් දක්වා ඇත්තේ එක්දින කණ්ඩායම නව නායකයෙකු යටතට ගැනීමට මෙය කාළය බවයි.
කෙසේ වෙතත් ඔහු දකුණු අප්රිකාව වෙනුවෙන් එක්දින , පන්දුවාර හා විස්සයි විස්ස තරග යන අංශ 3 ම ඉදිරියේදී නියෝජනය කරන බව ප්රකාශ කොට ඇත.
ඩිවිලියර්ස් දකුණු අප්රිකානු එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් වසර 5 (2012-2017) ක් ක්රියා කළ අතර නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිවිලියර්ස් පවසා ඇත්තේ පසුගිය කාළයේ තමන් කායිකව හා මානසිකව ඉතා වෙහෙසට පත්වී සිටි බවයි.
ඩිවිලියර්ස් නායකයෙකු ලෙස එක්දින තරග 103 කට දකුණු අප්රිකාව මෙහෙයවා ඇති අතර ඉන් තරග 59 ක් ජයගෙන ඇත.