මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ක්‍රීඩාවට අවශ්‍ය උපකාරයන් ක්‍රීඩා අරමුදලෙන් ලබා දීම පිළිබඳ සාකච්ඡා කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඩිලන්ත මාලගමුව ඉතාලියේදී පැවති ‘ලැම්බොගිනි සුපර් ට්රෝෆීයෝ-2017’ තරගාවලියේදී ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ දැනුවත් කිරීමට කොළඹදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කලේය. ඩිලන්තගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විශාල වියදමක් සිදු වන බවත් ඒ සම්බන්ධව ජනාධිපතිතුමා සමගින්ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර මෝටර් රථ පිටියේ රැන්දවීමට සමත්වු ධාවකයෙකු වන ඩිලන්ත පසුගියදා ඉකාලියේදී පැවති ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ-2017’ අන්තර්ජාතික තරගාවලියේදී දස්කම් දැක්වූ අතර එහිදී එක් තරගයක දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත්වීම කැපි පෙනින.
කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ (2016) පැවති ක්‍රීඩා සම්මාන උලෙලකදී, සිය ක්‍රීඩා දිවියට රජය මගින් කිසිදු උපකාරයක් නොමැති වූ බවට ඩිලන්ත විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේ කළ ප්‍රසිද්ධ විවේචනය ද මාධ්‍ය මගින් වැඩි කථාබහකට ලක් විය.
නමුත් මෙම අවස්ථාවේදී එම සිදුවීම පිළිබඳවද අදහස් දක්වමින් ඩිලන්ත පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලා සිටීම අසාධාරණ යැයි හැඟෙන බවයි.
“. ඇත්තටම ක්‍රීඩා අමාත්‍යංශයෙන් අපි මුදල් ඉල්ලන එක වැරදියි කියල හිතෙනවා. ඒ තරමට ක්‍රීඩකයින් ලංකාවෙ ඉන්නවා. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලන එක අසාධාරණයි කියල හිතෙනවා”
යැයි හෙතෙම මෙහිදී පැවසීය