ලෝක ටෙස්ට් ශූරතාවලියෙට සමගාවීම පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය සළකා බැලීමෙ සම්ප්‍රදය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
ඒ ඊයේ (29දා) මුම්බායි නුවරදී නිමා වූ ක්‍රිකට් කමිටු රැස්වීමේදීය. ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කරන තරගවලදී කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ලෙසට කාසියේ වාසිය සලකා බැලීම වෙනුවට සංචාරක කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම පිළිබඳව තීරණය ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය කාලසීමාවේදී පැවැතියේය.
මේ පිළිබඳව ක්‍රිකට් කමිටු රැස්වීමේදී සාකච්ඡා කර කාසියේ වාසිය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් විකට්ටු සකස් කිරීමේදී පන්දුව හා පිත්ත අතර සමබරතාවයක් සහිත විකට්ටු සකස් කිරීමටත් අයි.සී.සී. සාමාජික රටවලට ඔවුන් පවසා ඇත.
අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලිය 2019 වසරේ එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන අළු බඳුණ ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වන අතර එහි අවසන් මහ තරගය 2023 වසරේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙහිදි යම් හෙයකින් තරගයට කාලගුණයෙන් බාධා ඇතිවෙන්නේ නම් ඒ වෙනුවට අමතර දිනයක් වෙන්කිරීමටද තීරණය කර තිබේ.
මීට අමතරව එම තරගාවලියේදී තරගාවලියේන් තරගාවලියට ලකුණු ලබාදීම අත්හිටුවමින් තරගයෙන් තරගයට ලකුණු ලබාදීමටත් ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
එසේම පන්දුව පළුඳු කිරීමේ චෝදනාවන්ට ලක්වන ක්‍රීඩකයන්ට එරෙහිව උපරිම දඬුවම් පැනවීමටද ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස අනිල් කුම්බ්ලේ කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන හිටපු ක්‍රීඩකයන් නියෝජනය කරමින් කමිටුවට එක්වෙයි. ක්‍රිකට් කමිටුව සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විතය.