ලෝකයේ ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා කරන 12 වැනි රට බවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (14දා) පත්විය. ඒ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හෙයිනි.
ඉන්දියාවේ බැංගලෝර්හි මෙම තරගය පැවැත්වෙයි. පසුගිය මාසයේදී අයර්ලන්තය ටෙස්ට් වරම් හිමිකර ගත් අතර ඒ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන 11 වැනි රට බවට පත්වෙමිනි. අයර්ලන්තය සිය මංගල ටෙස්ට් තරගයට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළේය.
ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12න් පහක්ම ආසියාව නියෝජනය කරයි.
ටෙස්ට් ක්‍රීඩා කරන රටවල්
1877 - ඔස්ට්‍රේලියාව/එංගලන්තය
1889 - දකුණු අප්‍රිකාව
1928 - කොදෙව්
1930 - නවසීලන්තය
1932- ඉන්දියාව
1952-පාකිස්තානය
1982-ශ්‍රී ලංකාව
1992-සිම්බාබ්වේ
2000-බංග්ලාදේශය
2018-අයර්ලන්තය/ඇෆ්ගනිස්තානය