තමා තවමත් ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර නොමැති බව ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් පවසයි. ඉන්දීය කණ්ඩායම සමග හෙට (26දා) ගාල්ලේදී ආරම්භවිමට නියමිත පළමු තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවට එක්වෙමින් රංගන මේ බව සඳහන් කළේය.
රංගන මේ වන විට 39 වැනි වියේ පසුවන අතර ඔහු එක්දින හා විස්සයි20 පිටියෙන් සමුගෙන තිබේ.
“ මම තවමත් ටෙස්ට් තරග ක්‍රීඩා කරමින් විනෝදයක් ලබනවා. විශ්‍රාම ගැනීම ගැන මම තවමත් සිතා නෑ. මම තරගාවලියෙන් තරගාවලිය ගැන තරගයෙන් තරගය ගැන තමයි හිතන්නේ. මේ තමයි මට මේ අවස්ථාවේදි කිව හැක්කේ”