''තරගාවලියට හොඳ ආරම්භයක් ලබාගැනීම අතිශය වැදගත්. ඕනෑම තරගාවලියක පළමු තරගය ජයගැනීම තුළින් ජයග්‍රාහී මානසිකත්වය පවත්වාගෙන යා හැකියි. අපි බලාපොරොත්තු වෙනවා එය දෙවැනි ටෙස්ට් තරගය දක්වා රැගෙන යන්න'' යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක රංගන හේරත් පෙරේදා (11දා) පැවති මාධ්‍ය සාකච්චාවේදී පවසා සිටියේය.
පළමු ටෙස්ට් තරගය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ හේරත්,
'මම හිතනවා බංග්ලාදේශ පිතිකරුවන් ඉතා හොඳින් පිතිකරණයේ නියැළුණා කියලා. මුෂ්ෆිකර් හා සෞම්‍ය ඉතා හොඳින් පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළා. ඔවුන්ට අවශ්‍යයි ඉවසිලිවන්තව පිතිකරණයේ නියැළෙන්න. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අපේ පන්දු යවන්නන් හොඳින් කාර්ය ඉටුකළා. විශේෂයෙන් ඩිල්රුවන්, සඳකැන් මෙන්ම වේගපන්දු යවන්නනුත් හොඳින් ක්‍රීඩා කළා. එමනිසයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණේ.
මට වැඩියෙන් ටෙස්ට් ක්‍රීඩා කරන්න නොලැබුණා කියලා ප්රශ්චත්තාපයක් නැහැ. මම තවමත් ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග 79 යි. එම තරගවල ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මට සතුටුවන්න පුළුවන් වගේම ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් දගපන්දු යවන්නා වීම පිළිඳවත් සතුටු වෙන්න පුළුවන්. මම අපේක්ෂා කරනවා ටෙස්ට් කඩුලු 400ක් ලබාගන්න. ඒත් කොච්චර කාලෙකින්ද කියලා දන්නේ නැහැ. මගේ රිද්මය තිබෙනකම් මම එය පවත්වාගෙන යනවා.
මම නායකයෙක් ලෙස ක්‍රීඩා කරලා තියෙන්නේ තරග 03ක් පමණයි. ඒ වගේම ඇන්ජලෝ ආබාධය සුවවීමෙන් පසුව කණ්ඩායම භාරගනීවි. අපි දන්නවා ගාල්ල ක්‍රීඩාංගණයේ සිවුවැනි දිනයේදී සිවුවැනි ඉනිම ක්‍රියාත්මක කිරීම අසීරු කාරණයක්. ඒ වගේම ලකුණු 450කට වැඩි ඉලක්කයක හඹායාමත් පහසු නැහැ. ඒ වගේම මට විශ්වාසයක් තිබුණා ඩිල්රුවන් හා සඳකැන් ගැන.
මාව වාර්තා පොත් අතරට එකතු වීම විශාල ජයග්‍රහණයක්. වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස මම කණ්ඩායමේ ප්‍රහාරාත්මක භූමිකාවක් ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටට කරුණක් මට.
අපි බංග්ලාදේශ කණ්ඩායමේ දුර්වලතා හඳුනාගෙන සැලැස්මක් එක්ක තමයි තරගයට ආවේ. අපේත් තව හදාගන්න ඕන දේවල් තිබෙනවා. ඒවාත් හදාගෙන ඉදිරි තරගයට එන්න සූදානම් වෙනවා. විශේෂයෙන් අපේ පන්දු රැකීම පිළිබඳව වඩා උනනන්දු වන්න ඕන. මෙම තරගයේදීත් අපිට උඩපන්දු කිහිපයක් ගිලිහුණා* යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක රංගන හේරත් පවසා සිටියේය.