ඔස්ට්‍රේලියානු ජාතික මනෝ චිකිත්සකයෙකු වන වෛද්‍ය පිල් ජනුසේගේ සේවය නැවත වරක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබේ. ඔහු පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩසටහන් පැවැත් වූ අතර, නැවතත් මැයි මාසයේදී ඔහුගේ සේවය ලබාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ජනවාරි මාසයේදී පැවැත් වූ වැඩමුළු සාර්ථක වූ බවත්, ඔහු එක් එක් ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමුකර තිබුණු බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මැයි මස 05දා සිට 23දා දක්වා පුහුණු වැඩසටහන් පවත්වන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.