එංගලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ලීග තරගාවලියට එක්ව සිටින ශ්රී ලංකාවේ චමරි අතපත්තු එහිදී කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව ඇත.
යෝක්ෂයර් ඩයමන්ඩ් කණ්ඩායමට ක්රීඩා කරන චමරි පෙරේදා (18දා) පැවැති තරගයේදී එම කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත්ව ඇත.
ලාෆ්බ්රෝ ලයිටින් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඇය මෙම දක්ෂතා දැක්වීමට සමත්ව ඇති අතර ඒ හේතුවෙන් ලකුණු 17ක ජයක් යෝක්ෂයර් කණ්ඩායමට හිමිවිය.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 13කට සීමාවූ අතර එහිදී මුලින්ම පන්දුවට පහරදුන් යෝක්ෂයර් කණ්ඩායම ලකුණ 110ක් රැස්කළේ කඩුලු පහකටය.
චමරි පන්දු 40කදී ලකුණු 66 නොදැවී රැස්කළාය. එයට හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් ඇතුළත්විය. තරගයේ පන්දු යැවීමෙන්ද පන්දුවාර තුනකදී ප්රතිවාදීන්ට ලකුණු 11ක් ලබාදී ඔවුන්ගේ කඩුලු 2ක් දවා ගැනීමටත් ඇය සමත්වූවාය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ලාෆ්බ්රෝ කණ්ඩායමටරැස්කළ හැකිවූයේ ලකුණු 93ක් පමණි. එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලීග තරගාවලියකට ක්රීඩා කිරීමට අවස්ථාව ලැබුණ පළමු ක්රිඩිකාව වන්නේ චමරිය.