ඉන්දියාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට හාස්කමක් කිරීමට හැකි බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි. හෙට (24දා) දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දන තරගය වෙනුවෙන් අද (23දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
“ ඉන්දීය කණ්ඩායම පසුගියවර ශ්‍රී ලංකාවේ කර තරග සංචාරයේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.” යැයි ඔහු බ්‍රහස්පතින්දා (නොවැම්බර් 23දා) පැවැසීය. “ වැදගත්ම දේ තමයි අපි ඉන්දියාවට ආවේ තරගාවලිය දිනන්නයි. අපේ ආකල්ප වෙනස් වී තිබෙනවා. අපි මේ හා ආවේ මේ ටෙස්ට් තරගාවලිය දිනන බවට වන මානසික මට්ටමකින්”
ඉන්දීය කණ්ඩායමක් පරාජය කරිමින් ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කර නොමැත. චන්දිමාල් පවසන්නේ ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කිරීම විශල අභියෝගයක් බවයි.
“ඔබ ඉන්දීය කණ්ඩායම ගත්තොත් ඔවුන් හොඳ කණ්ඩායමක්. අපිට මෙහාට ඇවිත් තරගයක් හෝ තරගාවලියක් ජයග්‍රහණය කරනවා කියන්නේ විශාල අභියෝගයක්. නමුත් මට විශ්වාසයි අපිට මෙහේ හාස්කමක් කරන්න පුළුවන්. අපිට අපේ මූලික දේවල් හොඳින් කරන්න තිබෙන්නේ. අපේ සැලසුම්වලට අනුගත විය යුතුයි. මැදදී අපේ තරග සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුයි. අපිට ඉන්දියාව පීඩනයක් යටතේ තබාගන්න තමයි අපි කණ්ඩායමක් ලෙස බලන්නේ”
ෙ“මේ විකට්ටුවේ එතරම් තණකොළ න. අපි ඊඩන් ගාඩ්න්ස් පිටියේදි ගොඩක් තණකොළ දැක්කා. අපි විකට්ටුව දැක්කා. එය ටෙස්ට් ක්‍රීඩාවට යෝග්‍ය විකට්ටුවක්. පළමු දින කිහිපය පිතිකරුවන්ට හොඳ වේවි. පසුව පන්දුවේ දඟ කැවීමකුත් තිබේවි. ”
“අපි බලන්නේ හය-පහ සංයෝගය හෝ හය හතර හා එක් තුන් ඉරියව් ක්‍රීඩක සංයෝගයක්’ අපි ඒ ගැන තීරණය හෙට උදෑසන ගන්නවා.”