ශ්රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි20 නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා ඇති හෙයින් ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි හා සිවුවැනි එක්දින තරග දෙක මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදරට පැවැරීමට ක්රිකට් තේරීම් කමිටුව තීරණය කරමින් සිටියි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ සිටියි.
මේ අතර ධනුෂ්ක ගුණතිලක උරහිසේ ආබාධයකට පත්ව ඇති හෙයින් ඔහු වෙනුවට තිරිමාන්න කණ්ඩායමට ගෙනවිත් දික්වැල්ල සමගින් ඉනිම ආරම්භ කරවීමට තිරිමාන්න යොදා ගැනීමට තේරීම් කමිටුව අවධානය යොමුකර තිබේ. අංක හතර ස්ථානයේ ක්රීඩා කිරීමට දිනේෂ් චන්දිමා් යොදා ගනු ඇත.
12.45 PM චන්දිමාල් නායකයා ලෙසින් එක්දින කණ්ඩායමට?
ශ්රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකයා ලෙස කටයුතු කරන උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා ඇති හෙයින් ඉන්දියාව හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන සඳහා දිනේෂ් චන්දිමාල් ගෙන ඒමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව තරංග ක්රීඩා නොකරන තරග දෙකේදී ඔහු නායකයා ලෙස කටයුතු කරනු ඇති බවත් වාර්තා වෙයි.
තරගාවලියට මුලින්ම නම් කළ 15 දෙනාගේ සංචිතයටද ඔහු නම්කර නොතිබුණි. ඒ අනුව තෙවැනි තරගයේදී හා සිවුවැනි තරගයේදී චන්දිමාල් නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
ඔහුට අමතරව ළහිරු තිරිමාන්ද කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව අවධානය යොමුකර තිබේ. ඒ ධනුෂ්ක ගුණතිලක උරහිසේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.