ව්‍යාකූලත්වය ඉවත් කරමින් ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළේය. ටෙස්ට් තරගාවලිය නිමා විමෙන් පසුව ඉක්මනින්ම ආරම්භවන එක්දින තරගාවලියේ නායකත්වය දරන්නේ තිසර පෙරේරාය.
අඟහරුවාදා (දෙසැම්බර් 5දා) උදෑසන පළවූ වාර්තාව වලින් කියැවුණේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ඉන්දියාව බලා පිටත්වීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳුදා රාත්රියේදී නැවතත් ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය වන දයාසිරි ජයසේකර මහතා කටයුතු කළ බවයි. ඔහු කණ්ඩායමට අනුමැතිය ලබා දී නොතිබුණ අතර එවැනි අවස්ථාවක ක්‍රීඩකයන් තරගාවලියට යෑම නීතියෙන් තහනම් වෙයි.
අඟහරුවා මාධ්‍යයට ප්‍රකාශ කළ සංචිතයෙන් ජෙෆ්රි වැන්ඩසේ ඉවත් කර ඇත. ඔහු රංගන හේරත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියට එක්වීමට ඉන්දියාවට ගියේයඅවසන් සංචිතයට ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා නම් කර ඇති අතර ඒ අනුව ක්‍රීඩකයන් සංඛ්‍යාව 15 සිට 16 දක්වා පුළුල් විය.
ගැටලුව අවසන් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සංචිතයට අවසරය දී ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පැහැදිලි කිරිම සිදුකර තිබේ. "ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩකයන්ගේ සංචිතය අනුමැතිය සඳහා අමාත්‍යවරයාට යොමුකිරීමට ප්‍රමාද වූයේ දීර්ඝ සති අන්තය නිසාවෙනි. සැලසුම් කළ පරිදි ඉන්දියාවට යෑමට නොහැකිවූ ලංකා කණ්ඩායම අද නැවතත් ඉන්දියා බලා පිටත්වෙනු ඇත” යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ටෙස්ට් සංචිතයේ සාමාජිකයන් වන ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, සදීර සමරවික්‍රම සහ ධනංජයද ද සිල්වා යන ක්‍රීඩකයන් එක්දින තරගාවලියටද නම් කර ඇත. පමු තරගය දෙසැම්බර් 10 වැනිදා ධරම්ශාලා හි පැවැත්වීමට නියමිතය.
පළමු තරගය පැවැත්වීමට දින හතරකට පමණ පෙර කණ්ඩායමට එක්වෙන්නේ ලැබීමට නායක තිසර පෙර්රා, කුසල් පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර හා සචිත් පතිරණ යන අයයි.
නව දිල්ලියේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 164 රැස්කළ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සංචිතයෙන් ඉවත්කර ඇත. තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ. මේ වසරේ එක්දින තරග 21 ක් පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග හතරක් පමණි.
ගුණරත්න නැවතත් කණ්ඩායමට පැමිණ ඇත්තේ ජුලි මාසයේදී ඉන්දියාව හා ගල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්ව සුව වීනේ අනතුරුවය ඔහු හිටපු නායක මැතිව්ස් සමග පිතිකරණ අංශය ශක්තිමත් කරනු ඇත. පාකිස්තාන එක්දින තරගාවලිය අහිමිවීමෙන් පසුව මැතිව්ස්ද නැවතත් එක්දින තරගාවලියට පැමිණ ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා එක්දින හා විස්සයි20 කණ්ඩායම්හි නායකයා ලෙස තිසර පෙරේරා නම් කළේය. දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ වයිට් වොෂ් පරාජයන් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් උපුල් තරංග නායකත්වයෙන් ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
එක්දින සංචිතය - තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා