පිට පිට තෙවැනි වරටත් එන්.බී.ඒ. ඇමරිකානු පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එහි පසුගිය වර අනුශූරයින් වූ ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් සමත්විය. ඒ තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් සෙන් ඇන්ටෝනියෝ ස්පර්ස් පරදා තරග අදියර 4-0 ක ජයක් හිමි කර ගනිමිනි. තරගාවලියේ බටහිරි කොටසේ අවසන් තරගය ලෙසින්ද පැවති මෙහි පැවති මුල් තරග අදියර 4 ම ජය ගැනීමට සෙන් ඇන්ටෝනියෝ ස්පර්ස් සමත් වූයේ 113-111, 136-100, 120-108 ක් හා 129-115 ක් ලෙසිනි.
කෙසේ වෙතත් ගෝල්ඩන් ස්ටේට් හි ප්රතිවාදීන් මේ දිනවල පැවැත්වෙන නැගෙනහිර කොටසේ ශූරතාව වෙනුවෙන් බෝස්ටන් සෙල්ටික් හා ක්ලෙව්ලන්ඩ් කැවලියර්ස් අතර පැවැත්වෙන තරගයේ ජයග්රාහකයින් අනුව තීරණය වනු ඇත.
පසුගිය වාර දෙකේදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම 2015 වර්ෂයේ එහි ශූරතාව දිනා ගැනීමටද සමත් විය.