ගංවතුරින් ආපදාවට පත් ජනතාව වෙත අධාර රැගෙන කලුතර දිස්ත්රික්කයේ විවිධ ප්රදේශවල ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම, ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සංචාරය කළේය. එහිදී ඔහු එක් ගමකට පැමිණි විට ඔහුත් සමග පැමිණි පුද්ගලයෙකු කීවේ 'ගමේ ක්රීඩකයෙක් ඇවිත් තියෙන්නේ හොඳේ' කියාය. ඩිල්ෂාන්ගේ සහෝදරයා වන ටී.එම්. සම්පත්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.