සිය ටෙස්ට් දිවියේ ලකුණු 2000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත් විය.
පාකිස්තානයට එරෙහිව අද (28දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙම ලකුණු සීමාව පසු කළේය.
තරගය ආරම්භවීමට පෙරාතුව කෞෂාල් ටෙස්ට් තරග 35කට සහභාගි වී ලකුණු 1991ක් රැස් කර ගෙන තිබුණි. ඒ අනුව අද ඔහු සිය 36 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 12ක් රැස්කිරීමට සමත්වීමත් සමග ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2003ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සීමාව පසු කළ 16 වැනි ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා වන්නේ ද කෞෂාල්ය. ඔහු මේ වන විට ශතක 3ක් හා අර්ධ ශතක 12ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.