ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 30 වැනි තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොල්කටා කණ්ඩායම කඩුලු 7 ක ජයක් ලැබීය.
තරගය පෙරේදා (26දා) මහාරාශ්ට්ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැතියේය. මුලින්ම පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම ලකුණු 182ක් රැස්කළේය.
නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 51ක් රැස්කළේය.ඊට අමතරව ආරම්භක පිතිකරු අජින්කේ රහානේ ලකුණු 46ක් රස්කළේය. පූනේ කණ්ඩායම වෙනුවෙන් කුල්දීප් යාදෙව් කඩුලු 2ක් දවාගත්තේය.
ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම පන්දුවා 18.1කදී කඩුලු තුනක් පමණක් දැවී අදාළ ඉල්කකය පසුකර ගියේය. නායක ගෞතම් ගාමීභීර් හා රොබින් උතප්පා දෙවැනි කඩුල්ලට පන්දුවාර 14.1කදී ලකුණු 158ක සබඳතාවක් ගොඩනගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පදනම දැමීය.
නායක ගාම්භීර් ලකුණු 62ක් හා රොබින් උතප්පා ලකුණු 87ක් රැස්කළේය. තරගයේ වීරයා ලෙසද උත්ප්පා සම්මාන ලැබීය.