පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගිවීමට නියමිතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමෙන් 49 දෙනෙකු නිර්දේශ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එළඹෙන අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට ක්‍රීඩා ඉසව් 13ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 82ක් යෝජනා වී තිබුණද, පංච පුද්ගල කමිටුවක නිර්දේශ මත බැඩ්මින්ටන්, පාපැදි, ජිම්නාස්ටික්, මේසපන්දු හා වෙඩිතැබීම යන ක්‍රීඩාවලින් සහභාගි නොකිරීමට නිර්දේශ කර තිබේ.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, පිහිනුම්, වෙරළ වොලිබෝල්, බැඩ්මින්ටන්, පාපැදි, මල්ලවපොර, ජිම්නාස්ටික්, මේසපන්දු, ස්කොෂ්, වෙඩි තැබීම හා රග්බි යන ක්‍රීඩාවන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතව තිබේ. කෙසේ නමුත් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩා පමණක් තෝරාගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට මෙම කමිටුව නිර්දේශ කර තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්රීඩාගැන සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පංච පුද්ගල කමිටුව පත්කළ අතර, ඔවුන් විසින් ක්‍රීඩා උලෙළට සහභාගි වන සෑම ක්‍රීඩාවකම නියෝජිතයන් කැඳවා කළ සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට ලැබේ.