සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති එකම විස්සයි20 තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 ට ලකුණු 176ක් රැස්කිරීමට සමත්විය.
ක්‍රිස් ගේල් (40), එවින් ලුවිස් (51) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය. ලකුනු 177ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවා 19.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 155ක් පමණි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 43ක් රැස්කිරීමට සමත්විය. කෙනාල් විලියම් හා ක්‍රෙග් බැත්වෙයිට් කඩුලු 3 බැගින් දවා ගත්හ.