කෙවින් පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ආකාරයේ සටහන් මේ මොහොත වන විට ඔහුගේ සමාජ ජාල ගිණුම් හරහා දැකගන්නට ලැබෙනවා. කෙවින් පීටර්සන් නම් වූ සුපිරි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා තමන් පකිස්තානු සුපර් ලීගයෙන් පසු ක්‍රීඩාවෙන් සමුගන්නා බවට පෙබරවාරි මාසයේදී පවසා සිටියේය.
ඊයේ (16දා) දිනයේදී ඔහු සිය ට්විටර් ගිණුමේ " BOOTS UP! Thank you!" යනුවෙන් සටහන් කිරීමත් ඉන්පසු අද(1ි7දා)"Thank you for all the quite lovely msgs! I loved entertaining you all! Ciao, cricket! I love this game!" යනුවෙන් ඉන්ස්ටග්රම් ගිණුමේ සටහන් කිරීමත්, එංගලන්ත කණ්ඩායම ඔහු ඉටු කළ සේවයත් ස්තුති කර යොමු කළ ට්විටර් පණිවුඩයත් සමග ඔහුගේ සමුගැනීම තහවුරු වී ඇති බව බොහෝ ජාත්‍යන්තර මාධය මේ වන විටත් වාර්තා කර සිටියි.