අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදී මේ වන විට ලීග තරග සඳහා ක්‍රීඩා කරමින් සිටින කෙවින් පීටර්සන් මේ වසරෙන් පසුව ලීග තරගවලින්ද සමු ගැනීමට තීරණය කර තිබේ.
පීටර්සන් මේ වන විට ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග තරගාවලියට ක්‍රීඩා කර අතර එය තමාගේ අවසන් බිග් බෑෂ් තරගාවලිය වෙන බවද පීටර්සන් පවසයි..
“ මගේ ක්‍රීඩා දිවියේ අවසන් වේලාව එනවා. මේ මගේ අවසන් දින කිහිපයයි. මට දැන් ශක්තිය තිබෙනවා. නමුත් එය පහත යමින් තිබෙනවා.”