පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අසාර්ථක වීම හේතුවෙන් තරුණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉන්දියාව සමග ඉන්දියාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ඇතුළත්ව නොමැත. තවද ආබාධයක් හේතුවෙන් මාස කිහිපයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ටෙස්ට් සංචිතයට ඇතුළත්ව ඇති අතර, පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අසාර්ථක වුවද ළහිරු තිරිමාන්නට තවත් අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.
නොවැම්බර් මස 16 වැනිදා සිට ඉන්දීයාවේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගීවන 15කින් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඊයේ (05දා) නම් කරනු ලැබීය.
පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී නිලධාරීන්ට හිතවත් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදෙන්නට පිතිකරණ සංයුතියේ පහළ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අසාර්ථක විය. එම හේතුව නිසා ඔහුට ඉන්දීය සංචාරයේදී ටෙස්ට් සංචිතයේ ස්ථානය අහිමිවුවත් පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පමණක් ක්‍රීඩාකළ, එම තරගයේදීද අසාර්ථක වූ (ආබාධයක් යැයි පවසමින් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා නොකළ) නිලධාරීන්ට හිතවත් ක්‍රීඩකයෙකු ඉන්දීය තරගාවලියේදීද අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත.
පාකිස්තානු ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත් නොවූ ධනංජය සිල්වා, දසුන් ශානක් සහ විශ්ව ප්‍රනාන්දු නැවතත් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්නට සමත්ව ඇති අතර, එම තරගාවලියේදී කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්ට අමතරව කෞෂාල් සිල්වාටද සිය ස්ථානය අහිමිව ඇත. තවද ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරග සංචාරයට සහභාගීවන 15න් යුත් සංචිතයට නුවන් ප්‍රදීප්ද ඇතුළත්ව නොමැත.
ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - 01. දිනේෂ් චන්දිමාල් 02. දිමුත් කරුණාරත්න 03. ධනංජය සිල්වා 04. සදීර සමරවික්‍රම 05. ඇන්ජලෝ මැතිව්ස් 06. ළහිරු තිරිමාන්න 07. රංගන හේරත් 08. සුරංග ලක්මාල් 09. දිල්රුවන් පෙරේරා 10. ළහිරු ගමගේ 11. ලක්ෂාන් සඳකැන් 12. විශ්ව ප්‍රනාන්දු 13. දසුන් ශානක 14. නිරෝෂන් දික්වැල්ල 15. රෝෂාන් සිල්වා