ආබාධයකට ලක්ව සිටි ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මාස නවයකට අධික කාලයකට පසුව අද (20දා) නැවතත් පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගයකට සහභාගි වීමට සූදානමින් සිටියි.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කටාක් 'බරභාති' ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (20දා) පැවැත්වෙන විස්සයි20 තරගය හරහාය.
එංගලන්තයේදී පසුගිය ජනවාරි මස පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව කුසල් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර, පසුව නැවතත් අප්‍රේල් මස බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියට පැමිණියද ඉන් පසුව නැවත ආබාධයකට ලක්වීමෙන් සිම්බාබ්වේ, ඉන්දියා සහ පාකිස්තානු යන සංචාර තුනම අහිමි විය.
පසුගිය පාකිස්තානු විස්සයි20 තරගාවලියට සහභාගි කරවීමට පැවැත් වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීමෙන් ඔහුට එම තරගාවලියද මග හැරුණි. කුසල් ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ සිට සංචිතයේ පුහුණුවීම්වල නිතර වූ අතර එක්දින තරගාවලියේදී අවස්ථාව නොලැබුණි.
වමත් පිතිකරුවෙකු වන 27 හැවිරිදි කුසල් පෙරේරා විස්සයි20 අන්තර්ජාතික තරග 27කදී අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 716ක් රැස්කර තිබේ.
යොහාන් භාසුර (ඉන්දියාවේ කටක් සිට)