(UPDATE 15.25 PM)
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 156ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 30.1කදී කඩුලු තුනක් දැවී ලකුණු 158ක් රුස්කරමින් තරගය ජයගත්තේය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් ශ්රී ලංකාවට හැකිවිය. උපනායක උපුල් තරංග පන්දු 86කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 75ක් රැස්කිරීමට සමත්විය.
12.25 PM සිම්බාබ්වේ ඉනිම ලකුණු 155ට සිමා වෙයි
සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 155ක් පමණි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 41ක් රැස්කළේය. ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් හා වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්හ.
(9.50 AM)කාසියේ වාසිය ශ්රී ලංකාවට - මුලින්ම පන්දු යවයි
ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. පෙරේදා (30දා) ගාල්ලේ පැවැති තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම පහසු ජයක් ලැබීය.
වෛරස් උණ රෝගී තත්ත්වයකින් පෙළමින් සිටි ලසිත් මාලිංග මෙන්ම ලක්ෂාන් සඳකැන් එයින් සුවය ලබා අද තරගයට ක්රීඩා කරයි. මෙම තරගයේදි ශ්රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග එක්දින වරම් හිමිකර ගත්තේය.