සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මශ්රෆී මොටාසා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
තරගාවලිය 1-0ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම පෙරමුණේ පසුවන හෙයින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුම වෙයි.
ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය සික්කුගේ ප්රසන්න කැඳවා තිබේ. ඒ අනුව ණුවන් ප්රදීප්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වි ඇත.