UPDATE
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකවරයා විසින් තීරණය කළේය. පස්වරු 8.45 ට තරග තීරකවරයා විසින් මෙම තීරණය ගන්නා ලදී.
UPDATE
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිමෙන් පසු ඇද හැළුණු වර්ෂාව මේ වන තෙක් තුරන් වී නොමැති අතර කඩින් වර්ෂාව විටින් විට ඇද හැලීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමට හැකි තත්වයක් මේ වන තෙක් උදා වී නොමැත
UPDATE
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.
දැනටමත් දැඩි වර්ෂාපතනයක් ක්‍රීඩාංගණය සහිත ප්‍රදේශයට ඇද හැලෙමින් පවතී.
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී සියල්ලන් දැවී ලකුනු 311ක් රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 102 කින් හා නායක උපුල් තරංග ලකුණු 65කින් දායකත්වය දැක්වූහ. ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ලකුණු පුවරුවකට මග පෑදූ අසේල ගුණරත්න පන්දු 28 කදී ලකුණු 39 ක් වාර්තා කළ අතර මිලින්ද සිරිවර්ධන පන්ද 30 කදී ලකුණු 30 ක් රැස් කලේය.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65
දිනේෂ් චන්දිමාල් - 24
කුසල් මෙන්ඩිස් -102
මිලින්ද සිරිවර්ධන-30
තිසර පෙරේරා - 9
දිල්රුවන් පෙරේරා - 9
අසේළ ගුණරත්න- 39
සුරංග ලක්මාල් - 0
නුවන් ප්‍රදීප් - 0
නුවන් කුළසේකර - 0
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි පන්දුවාර 40 ක් අවසනදී ශ්‍රී ලංකාව කඩුළු 235 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන අසේ ගුණරත්න ලකුණු 09 ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 12 ක් වාර්තා කරගෙන සිටියි. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලස දින්ෂ් චන්දිමාල් ලකුණු 24 කට දවා ගැනීමට මුෂ්ටෆිසූර් රෙහෙමාන් සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 102 කට දැවී ගියේ තස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේය
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65
දිනේෂ් චන්දිමාල් - 24
කුසල් මෙන්ඩිස් -102
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 102 කදී වාර්තා වූ එම අර්ධ ශතකයට හතරේ පහර 9 ක් හා එක් හයේ පහරක් ඇතුලත් විය. අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහර දෛන දිනේෂ් චන්දිමාල් ලකුණු 23 ක් රැස් කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා තෙවැනි කඩු්ල්ලට ලකුණු 81 ක සබඳතාවක් පවත්වාගෙන සිටියි.
පන්දුවාර 36 ක් අවසනදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලකුණු 210 ක රැස් කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි පන්දුවාර 30 ක් අවසනදී ශ්‍රී ලංකාව කඩුළු 175 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 8 ක් වාර්තා කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 63 කදී වාර්තා වූ එම අර්ධ ශතකයට හතරේ පහර 3 ක් හා එක් හයේ පහරක් ඇතුලත් විය.
පන්දුවාර 25 ක් අවසනදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලකුණු 139 ක රැස් කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65
UPDATE
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා නායක උපුල් තරංග සිය එක්දින දිවියේ 31 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 68 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුලත් වේ.නොදැවී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් වාර්තා කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා මේ වන විට දෙවැනි කඩු්ලලට නොබිඳුන් ලකුනු 93 ක් වාර්තා කරගෙන සිටියි
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 23 ක් අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 111 ක් වාර්තා කරගෙන සිටියි
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
UPDATE
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ලකුණු 50 සීමාව පසු කිරීමට සමත් විය. පන්දුවාර 10.1 ක් අවසානයේදී එම ලකුණු සංඛ්‍යාව වාර්තා විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක උපුල් තරංග ලකුණු 27 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 6 ක්ද රැස් කරෙගෙන සිටියි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුනු 9 කට දවා ගැනීමට මෂ්රෆි මොර්ටාසා සමත් විය.
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදි ලකුණු 100 සීමාව පසු කර යාමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 47 ක් වාර්තා කරගෙන සිටින අතර කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් වාර්තා කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 65 ක් රැස් කරගෙන සිටි උපුල් තරංග දුවද්දී දවා ගැනීමට මහ්මදුල්ලා සමත් විය.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
සංචාරක බංග්ලාදේශය සමගින් රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ංලකාව පළමුවන් පන්දුවට පහර දීමට තීරණය කලේය. මෙය ශ්‍රී ලංකා නායක උපුල් තරංග ගේ 200 වැනි අන්තර්ජාතික එක්දින තරගය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුවී ඇත.
වේග පන්දු යවන ක්‍රීඩකයින් වන නුවන් කුළසේකර හා නුවන් ප්‍රදීප් කණඩායමට කැඳවා ඇති අතර තුන් ඉරියව්වෙන් දස්කම් පාන දිල්රුවන් පෙරෙරා ද සංචිතයට අන්තර්ගතව ඇත.
ඒ වෙනුවට පළමු තරගයට ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන්, වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර හා තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ කණ්ඩායමට කැඳවා ඇත. බංග්ලාදේශ සංචිතයේ වෙනසක් වී නොමැත
ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග(නායක), ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,අසේළ ගුණරත්න,තිසර පෙරේරා,මිලින්ද සිරිවර්ධන,දිල්රුවන් පෙරේරා,නුවන් කුළසේකර, නුවන් ප්‍රදීප්
බංග්ලාදේශ සංචිතය
මෂ්රෆි මොර්ටාසා (නායක),තමීම් ඉක්බාල්,සෞම්‍ය සර්කාර්,සකිබ් අල් හසන්, මුෂ්ෆිකර් රහිම්,සබීර් රෙහෙමාන්,මහමුදුල්ලා,මොසඩක් හුසේන්,මෙහෙදි හසන් මෙරේස්,ටස්කින් අහමඩ්,මුෂ්ටෆිසූර් රෙහෙමාන්
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි පන්දුවාර 30 ක් අවසනදී ශ්‍රී ලංකාව කඩුළු 175 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 8 ක් වාර්තා කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක- 9
උපුල් තරංග- 65