ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට පිවිසීමට ලැට්වියාවේ ජෙලේනා ඔස්ටපෙන්කෝ රොමේනියාවේ සිමෝනා හාලේප් හා සමත් විය. ඒ තරගාවලියේ ඊයේ (08) පැවති අවසන් පූර්ව වටයේ තරග වලින් ජයග්‍රහණ වාර්තා කරමිනි.
මෙහිදී 19 හැවිරිදි ජෙලේනා විසින් ස්විට්සර්ලන්තයේ ටිමියා බැසිසින්ස්කි තරග වට 2-1 ක් ලෙසින් පරාජයට පත් කලේය. ජෙලේනා මේ දක්වා කිසිදු අන්තර්ජාතික තරගාවලියක ජය හිමි කරගෙන නොමැති වීම විශේෂත්වයකි.
මේ අතර සිමෝනා හාලේප් විසින් චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා තරග වට 2-1 ක් ලෙසින් පරාජයට පත් කලේය.
තරගාවලියේ පිරිමි අංශයේ අවසන් පූර්ව වටයේ තරග අද (09) පැවැත්වීමට නියමිතය. එහිදී බ්‍රිතාන්‍යෙය් ඇන්ඩි මරේ ස්විට්සර්ලන්තයේි ස්ටැනිස්ලාස් වව්රින්කා සමගින්ද ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමගින්ද තරග වැදීමට නියමිතය.