ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා හෙට (06දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා හමුවීමට නියමිතව බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදී මෙම හමුව සිදුවීමට නියමිත අතර මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට නියමිතය.
එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනාගත කටයුතු පිළිබඳව පැහැදිලි කිරීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.