ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාලවරයා වන H.M.B.P හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අද (මැයි 05දා) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.
අමාත්‍යාංශයේ නිවේදනය
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
මම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුලයි.
නමුත් ඊයේ දින (මැයි 04) උදය වර්වේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී ඇත.
මේ අතර ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත. ඊයේ සවස 5.00වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත මෙය සැලවීමෙන් පසුව කඩිනමින් තත්වය විසදීමට අමාත්‍යංශ නිලධාරීන්ටත් අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයටත් උපදෙස් දෙන ලදී.
ඒ අනුව විදුලි ජනක යන්ත්‍රයක් සපයා විදුලිය ලබා දීමටත්, විදුලිබල මණ්ඩලය යොදවා මෙම විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලදී. නමුත් විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස වුයේ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට දිනක පමණ කාලයක් අවශ්‍ය බවයි.
මේ වනවිටත් නේවාසිකාගාරය අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එම ස්ථානයට පැමිණීමටවත් ක්‍රියා කලේ නැත.
මේ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්යතුවරයා උපදෙස් පරිදි සියළුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන ලබා දීමටත් අමාත්‍යංශ නිලධාරීන් හා අමාත්‍ය කාර්යමණ්ඩලය විසින් ක්‍රියා කරන ලදී.
ඒ අනුව ඔවුන් විසින් බස්රථ යොදා ගෙන ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරය තුල සිටි සියලුම නේවාසිකයින් හෝටලය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය නවතන් පහසුකම් රාත්‍රී 9.00 පමණ වන විට සලසාදුන් අතර අමාත්යරයාද එම හෝටලයට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පහසුකම් සොයා බැලීමටද කටයුතු කළේය. එම අවස්ථාව වනවිටත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක් හෝ එම ස්ථානයට පැමිණීමට අපොහොසත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කරුණු මානව සොයා බැලූ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වරයා මම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතුකළ උදාසීන ආකාරයත් එයින් අත්වූ තත්වය මත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වූ අපහසුතත්වයත් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වරයාගේ සේවය අත්හිටුවීමට හා ඔහුව එම ධූරයෙන් නෙරපා හැරීමට අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.