(VIDEO)
ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සාකච්ඡා කර ඇති බවත්, එය ඉදිරියේදී හෙළි කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (11දා) මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම තවත් ක්‍රීඩා කිහිපයක් තුළ කළමනාකරුවන් සම්බන්ධ ගැටලුවක් ඇතිව තිබෙන බවත්, ඒ සඳහා විසඳුමක් නොදුන්නොත් ඉදිරියේදී මෙය විශාල ගැටලුවක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය පරාජය වීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
“මම කියපු දේවල්වලට ගහපු එකනේ කළේ ඉතින්. මට කියන්න තියෙන්නෙ දැන්වත් ඔක්කොම එකතුවෙලා නිවැරදි තැනකට කණ්ඩායම පත්කරන්න කියලයි. දක්ෂතාව තියෙනවා, හැකියාව තියෙනවා. ඒ ඔක්කොම හරි. නමුත් මොකක් හරි අවාසනාවකුත් ඒක ඇතුළේ තියෙනවා.
ටෙස්ට් තරගය හා ඉදිරි ඉන්දීය තරගාවලියේදී යම් වැඩපිළිවෙළක් පිළිබඳව කතා කරන්න වේවි. මම, සභාපතිතුමාගේ සිට ක්‍රීඩකයන් සියලු දෙනාම මෙහි වගකීම බාර ගන්න ඕන” යැයි සඳහන් කළේය.