ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ක්රිකට් තරගාවලියේ අවසන් විස්සයි20 තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්රීඩා කිරීමට නියමිතව තිබුණත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් පාකිස්තානයට යෑම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් ඒ බව සඳහන් කරමින් ක්රිකට් ආයතනයට ලිපියක්ද යොමුකර තිබෙන බවත් පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය හෙතුවෙන් ඔවුන් මෙසේ පාකිස්තානයට යෑම ප්රතික්ෂේප කර තිබෙන බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මීට ඉහතදී ඔවුන් සඳහන් කර තිබුණේ පාකිස්තානයට කණ්ඩායම යෑම ගැන අවසන් තීරණය ක්රිකට් ආයතනයට ලබාගැනීමට දෙන බවයි.
දෙරට අතර විස්සසයි20 තරග තුනක් පැවැත්වීමට නියමිත අතර එහි තෙැවැනි තරගය මෙසේ පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
2009 වසරේදී පාකිස්තානයේ සංචාරයක නිරතව සිටි ශ්රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව ප්රධාන කණ්ඩායමක් තවමත් පාකිස්තානයේ තරග සංචාරයකට එක්ව නොමැත.