ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහාස වන කාලයක රජයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීමතරම් අවමානයක් මේ දක්වා තමන් විඳනැතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එමෙන්ම මෙරට ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිම අවමාන සහ අපහාස විඳින්නට සිදුවූයේ වර්මාන රජය යටතේ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කඩාවැටෙමින් තිබෙන මෙරට ක්‍රීඩාවට විසඳුම් ලබානොදී බලධාරීන් ඒ සඳහා පැලැස්තර විසඳුම් ලබාදීම තුළින්මෙරට ක්‍රීඩාව තව තවත් ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන බවද අමාත්‍යවරයා සිය දේශනයේදී සඳහන් කර සිටියේය.
මෙරට ප්රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන යෝගානන්ද විජේසුන්දර මහතා ඇගයීමේ උපහාර උලෙළෙට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය. උපහාර උලෙළ අද (17දා) කොළඹ ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.