ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වයෙන් ගෙඩ ඒම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක් සංවිධානය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත්කරන බවත් ඔහු පැවැසීය. මෙම වැඩමුළුව සඳහා හිටපු නායකයින්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්, ක්‍රිකට් සභාපතිවරුන්, තේරීම් කමිටු සභාපතිවරුන් ඇතුළුව මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලක්ටම ආරාධනා කරන බවත් ඔහු පැවැසීය.
මෙය ක්‍රිකට් ආයතනය මගින් නොව ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සිදුකරන්නක් බවත් එහිදී සකස්කරන වාර්තාවක් ක්‍රිකට් ආයතනයට යොමුකරන බවත් ඔහු පැවැසීය.